Wednesday, December 23, 2015

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!


Torrent තාක්ශනය කියන්නේ ඉතාම කෙටි කාලයක් තුල අති වීශාල ලෙස ලෝකයේ ව්‍යාප්ත වූ තාක්ශනයක්.දැනට ලෝකයේ Files හුවමාරැ කිරීම සදහා තියෙන හොදම සහ පහසුම තාක්ශනයක් ලෙසද Torrent සලකනවා.

මෙ අතරිනුත් Movie Torrent සදහා  හිමි වන්නේ ඉහල ස්ථානයක්.අලුතින්ම Release කරන Movie එකක් උනත් දින කිහිපයකදී විටක පැය කිහිපයකදී වූවද Torrent හරහා Download කර ගැනීමෙී හැකියාව තිබෙනවා.නමුත් මෙ Movie Torrent එක එක Size වලින් සහ Quality වලින් යුක්ත වෙනවා.මෙහිදි අපි සැලකිල්ල යොමු කල යුතු වන්නේ Movie Torrent එකේ දක්වා අැති Title එක පිලිබදවයි.එහි දැක්වෙන DVDrip , BRrip , CAM ගැන අප වීශේෂ අවධානයක් යොමු කල යුතු වනවා.

CAM : අදාල Movie එක සිනමාහලක තිරගත වන වෙලාවකදී Camera එකක් ආදාරයෙන් පිටපත් කර ගන්න ලද Copy එකක්.Camera එකට ඉදිරියෙන් මිනිසුන් ඈවිද යන දසුන්,සිනාසෙන,කථා කරන හඩ පටිගත වී තිබෙන්නට පුලුවන්. 
Video Quality : ඉතාම පහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉතාම පහල තත්වයකින් යුක්තයි.
Size : 300MB - 2GB

DVDrip : අදාල Movie එකේ ඉහලම තත්වයේ DVD වලින් ලබා ගන්නා ලද පිටපතක්.
Video Quality : ඉහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉහල තත්වයකින් යුක්තයි.
Size : 700MB - 1.60GB 
BRrip/ Brip :  අදාල Movie එකේ ඉහලම තත්වයේ Blue-Ray Disk වලින් ලබා ගන්නා ලද පිටපතක්.
Video Quality : ඉතාම ඉහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉතාම  ඉහල තත්වයකින් යුක්තයි.
Size : 700MB - 1.60GB 
R5 : Movie Industry තුලදී R5 ලෙස හැදීන්වෙන්නේ ඉන්දියාව,අප්‍රිකාව වැනි රටවල්.එහිදී Original Movie එක Telecine ( ලංකාවෙද භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි,මෙහිදි Projector එකක් මගින් Screen එකක් මතට ඡායාරැප එල්ල කිරීම සිදු කරනු ලබයි. ) යන්ත්‍රයට ගැලපෙන සේ Rip කිරිම සිදු කරයි.
Video Quality : සමහර ස්ථන වලිදී අඩුපාඩු වලින් යුක්තයි.
Audio Quality : සාමාන්‍ය තත්වයකින් යුක්තයි.
Size : 600MB - 5GB

Tuesday, December 22, 2015

අලුත්ම කෙනා තමයි TSU

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශාලා වෙබි අඩවියක් එලිදකි.


Facebook කියන්නේ අපි කවුරැත් දන්න කියන Social network එකක්.නමුත් මෙචිචරක කාලෙකට අපි Facebook වල ක​රපු දේවල් වලට අපිට හමීබ උන ​දෙයක් නමි නැහැ.නමුත් කාලයත් එක්ක Facebook එක්ක තරග කරන්න එක එක අලුත් Social network ආවා,ඒ කියන්නේ Google Plus වගේ ඒවා.ඒත් ඒවත් එචිචරම සාර්ථක උනේ නමි නැහැ.

නමුත් දැන් Facebook එක්ක තරග කරන්න ඈවිත් ඉන්න අලුත්ම කෙනා තමයි TSU කියන්නේ.කිවිව ගමන් නිකන්ම නිකන් තවත් Social network එකක් කියලා හිතුනට මෙ social network එක භාවිතා කරන උපක්ක්‍රමය තමයි,Comments,Likes,Shares වලට Users ලාට සල්ලි ගෙවන එක.ඒ කියන්නේ අපි Facebook වල like කරනවා වගේ TSU වල කරාම අපිට යමිකිසි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.TSU කියන විදියට තමන් හමිබ කරන සල්ලි වලින් 90% ක් එයාල Users ලාට ගෙවනවා.මොකද User ලා නැත්නමි Web site එකෙන් වැඩක් නැති නිසා.

හැබැයි මෙකෙ තියෙන වෙනස තමයි ​TSU වලට නිකන් එකතු වෙන්න බැහැ,ඉන්න කවිරැ හරි Invite කරන්න ඔීනී.අපි මෙතන දාන Invivtation එක පාවිචිචි කරලා ඔයාලා Register වෙනවා නමි මෙි හරහා Register වෙන හැම කෙනෙක්ම ගානේ මුදල් ප්‍රමාණයක් හැමෝටම බෙදිලා යනවා.මෙි ලින්ක් එක පාවිචිචි කරලා register වෙන්න.දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියනවා කියනවා users ලාට බෙදලා දෙන්න.

 මෙතනින් Register වෙන්න....



eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay

හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා.  ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. 

දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්.  එහෙනම් පටන්ගමු.
ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.
eBay කියන්නෙ මොකක්ද?
  • eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙභාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් sellerකෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
  • සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාලසාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?

  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයිආරක්ෂිතයි.

http://sathsaraecsystem.blogspot.com

PayPal කියන්නෙ මොකක්ද?
    • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

    සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
    1.  eBay ගිණුමක් තිබිය යුතුයි.
    2.  PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
    3.  අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි. 

    අදට eBay කුප්පිය අවසානයි. දැනට ඔබ eBay සහ PayPal තුළ sign up වෙලා අලුත් ගිණුම් හදාගෙන පුංචි පුංචි අතහදාබැලීම් ටිකක් කරන්න. මෙතෙක් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මීට අමතරව දැනගත යුතු තවත් මූලිකම දේවල් තියෙනවා නම් ඒවත් අහන්න. එතකොට මං ඒ ප්‍රශ්නත් ඇතුළු කරලා මේ ලිපිය යාවත්කාලීන කරන්නම්. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන සටහනක් තබලා යන්නත් අමතක කරන්න එපා.

    ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි Visa card එක වන "සම්පත්Webcard" 

ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard


අපිට eBay ගණුදෙනු කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. eBay ගිණුමක්, PayPal ගිණුමක් සහ අන්තර්ජාලීය ගණුදෙනු කළ හැකි කාඩ්පතක්. ඉතිං මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. (ඒ සම්බන්ධව කුමක් හෝ ගැටළුවක් තියෙනවනම් අහන්න පසුබට වෙන්න එපා.) අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.
දන්නවනෙ අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.
අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard. https://mail.google.com/mail/e/gtalk/330


මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. 

සම්පත් Webcard කියන්නෙ මොකක්ද?
  • සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.

මෙය ලබාගන්න පුළුවන් කාටද?
  • අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?
  • රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.

 කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?
  • අත්‍යවශ්‍ය නෑ

කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?
  • සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.

අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?
  • සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
  • සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)

ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?
  • ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

Top up කළ හැකි අවම මුදල කොපමණද?
  • එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?
  • නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍යcredit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)

කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?
  • 0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?
  • ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)

කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?
  • කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.

වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමදලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?
  • ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.

Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?


සම්පත් Webcard පත PayPal වෙත link &confirm කරන්නෙ කොහොමද?

ඊට පස්සෙ ඔබේ Webcard එක ලඟම ඇති බැංකු ශාඛාවට එවීමෙන් පසුවත් බොහෝවිට card center මගින් ඔබව දැනුවත් කරාවි දැන් ඔබට කාඩ්පත ලඟම ඇති ශාඛාවෙන් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඒ බැංකු ශාඛාවට ගිහිල්ලා කාඩ්පත ලබාගන්න එක. https://mail.google.com/mail/e/gtalk/328 කාඩ්පතත් සමඟ ඔබට ලබාදෙයි කාඩ්පතේ මුරපදය (password එක). ඔන්න ඕක තමයි හොඳටම පරිස්සම් කරගන්න ඕන එක. ඒත් එක්කම බැංකුව ඔබෙන් යම් ලියවිල්ලකට අත්සන් ගනීවි ඔබට කාඩ්පත සහ මුරපදය ලැබුණු බවට.
හැබැයි කාඩ්පත සහ මුරපදය අතට ලැබුණු සැනින් ඔබට කාඩ්පත භාවිතා කරන්න බැහැ. කාඩ්පත සක්‍රීය (activate) කරන තුරු තවත් දිනක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා.  ඔබ කාඩ්පතේ තොරතුරු PayPal වෙත ලබාදුන් විට ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් නොවන බව PayPal පවසනවනම් ඒ කියන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ. කාඩ්පත සක්‍රීය වෙලා නම් PayPal මගින් ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් ලෙස බාරගන්නවා. සම්පත් Card Center ඇමතීමෙනුත් ඔබට කාඩ්පත සක්‍රීය වෙලාද නැද්ද යන්න දැනගන්න පුළුවන්.
දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Webcard එක PayPal වෙත link කරන්නෙ කියලා.


Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?

1. 
PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට ප්‍රවිශ්ට (log in) ‍වෙන්න.
(තවමත් ඔබ PayPal ගිණුමක් සාදාගෙන නැත්නම් http://www.paypal.com වෙත ගොස් එහි ඉහළ කෙළවරේ ඇති Sign up යන්න තෝරා ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී PayPal ගිණුමක් සාදාගන්න.)


2. 
රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.


3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ඔබන්න.

4. 
එවිට ඔබට දිස්වෙයි මෙන්න මේ වගේ form එකක්. මේ එකින් එකක් පුරවන්නෙ කොහොමද කියලා පහතින් දක්වලා ඇති.

First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.



5. මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ඔබන්න.

මෙලෙස එබූ පසු කිසියම් දෝෂ පණිවිඩයක් දිස් උනොත් එයින් හැඟවෙන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්රීදය වෙලා නෑ කියන එක. දෝෂ පණිවිඩයක් දිස් නොවෙනවා නම් ඔබේ කාඩ්පත දැනටමත් PayPal විසින් වලංගු කාඩ්පතක් ලෙස බාරගෙන හමාරයි.  

හැබැයි ඉතිං කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.   ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.


PayPal වෙත link කළ Webcard එක confirm කරන්නෙ කොහොමද?

PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්රණකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. ඔන්න ඕකයි සිද්ධිය.

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.




1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)